මාගම් රැල්ල : ආයුර්වේද බෙහෙත් සදහාදුර්ලභ ඖෂධඋයනක් හදන සෙවනගල
...: ආයුර්වේද බෙහෙත් සදහා දුර්ලභ ඖෂධ උයනක් හදන සෙවනගල වෙදමහත්තයා. (සටහන - සුරියවැව නුවන් ජයසේකර) පරිසරයේ ...
Friday, December 2, 2016
ආයුර්වේද බෙහෙත් සදහා
දුර්ලභ ඖෂධ
උයනක් හදන සෙවනගල
වෙදමහත්තයා.
(සටහන - සුරියවැව නුවන් ජයසේකර)
පරිසරයේ සතා සිවුපාවන් හා ගහ කොළ පවා
මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් හමුවේ
විනාශ වෙමින් යන යුගයක ගහට කොළට ආදරය කරන මිනිසුන්ද මේ අතර නැතුවා නොවේ.එවැනි
අපූර්ව මිනිසකු පසුගියදා අපට මුනගැසුනේ සෙවනගල ප්‍රාදේශීය ලේකම් බළ ප්‍රදේශයට අයත්
කිරිඉබ්බන්ආර ප්‍රදේශයෙනි.නමින් කමල් බන්ධුල වීරප්පෙරුම වුවත් බොහෝ පිරිසක් ඔහු
හදුන්වන්නේ සෙවනගල වෙද මහතා යනුවෙනි.මොහු හොද දේශීය වෛද්‍ය වරයෙකි.සියල්ලම මුදලට
විකිණෙන අවධියක තම හැකියාව මුදලට නොවිකුණමින් රටේ නන් දෙසින් ප්‍රථිකාර සදහා තමන්
ලගට එන රෝගීන්ට වෙදකම් කරණ අපේ කාලේ ඍෂි වරයෙක් යැයි කීම නිවැරදිය.මන්ද මෙම වෙද
මහතා රෝගීන් සදහා ප්‍රථිකාර කරන්නේ කිසිදු මුදලක් අපේක්ෂාවෙන් නොවීමයි.ප්‍රථිකාර
සදහා පැමිණෙන රෝගීන්ට මුදල් තිබුනත් නැතත් රෝගීන්ට අවශ්‍ය ප්‍රථිකාර ලබා දෙන්නේ
කාරුණික හදවතින් හා දැඩි උනන්දුවකින් බව එහි ගිය අපට පෙනුණි.
අප වෙද මහතාගේ නිවසට යනවිටත් ඔහු සිටියේ රෝගීන්
කිහිප දෙනෙකු පරික්ෂා කරමිණි. සිනා මුසු මුහුණින් අපව පිළිගත් වෙදමහතා අපව රැගෙන
ගියේ ඔහුගේ ඖෂධ උයන වෙතයි.එහි ගිය අපටද ඇස් අදහා ගත නොහැකි වුයේ මෙතරම් පිළිවෙලකට
පිරිසිදුව ඉතා ප්‍රසන්න මනස්කාන්ත අයුරින් ඖෂධ උයනක් පවත්වාගෙන යාමට කොතරම්
කැපකිරීමක් කළ යුතුද යන්නයි.
මහත්තයෝ මේ
ඖෂධ උයන මම දැන් අවුරුදු ගානක් තිස්සේ ඉදලා හදන්නේ.මුල් කාලයේ නම් විවිධ හොරුන්ගේ
කරදරත් මට තිබුණා.දැන් එහෙම නෑ.මම මොන වැඩේ තිබුණත් උදේටයි හවසටයි මේ උයන වටේ
ඇවිදලා බලනවා.ඒක මගේ දෛණික චර්යාවේ එක් අංගයක් බවට පත්වෙලා.මේ කොහෙවත් නැති ඉතා
දුර්ලභ ඖෂධ මගේ මේ උයනේ තියෙනවා. අපද වෙද මහතා සමග අක්කරයක තරම් වූ භූමි භාගයක පැතිරී
ඇති ඖෂධ උයන වටා ඇවිද ගියෙමු.එහිදී කුමුදු , මල් මදාරා , ගජ මදාරා , ගුරුල්ල ,
නවහන්දි ,මනෝරංජිද ,සැවැන්දරා , එළනෙටොල් , ලුණු වරණ ,ඔළිද , රණවරා ,බිංකොහොඹ ,
අනිත්ය , ඇතුළු බොහෝ දුර්ලභ ඖෂධ පැලෑටි රැසක් එහි දැක ගත හැකි විය. සමහර රෝගීන්
මා ලගට එන්නේ අතේ සතයක් වත් නැතුව හරිම අමාරුවෙන්.ඒ එක එක තැන්වලට ප්‍රථිකාර වලට
ගිහින් ලෙඩෙත් වැඩි කරගෙන අතේ තිබුණු මුදලුත් නැති කරගෙනයි.බොහෝ රෝගීන් අසරණ
වෙන්නේ තමන්ට තියෙන රෝගයට අනුව නිසි ප්‍රථිකාර නොකිරීමත් හා නියම ප්‍රථිකාර කරණ
නිවැරදි තැන් තෝරා නොගැනීමත් නිසා යැයි වෙද මහතා අපත් සමග පැවසිය.
සුරියවැව නුවන් ජයසේකර
2016.12.02
සුරියවැව නුවන් ජයසේකර
අහස උසට මාලිගා හැදෙන යුගයේ තවමත්
සංවර්ධයක් පේනතෙක් මානයකවත් නැති මඩුගොල්ල ගම්මානය.
(සුරියවැව නුවන් ජයසේකර)
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා
බඩල් කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකට
මායිම්ව පිහිටි ඉතා දුෂ්කර ගම්මානයක් වන මඩුගොල්ල ගම්මානයට ඉකුත්දා අප ගියේ එහි
සැබෑ තතු විත්ති ඔබට කියන්නටය.
රන්දෙණිය හිගුරුකඩුව මාර්ගයේ කිලෝ මීටර්
දෙක හමාරක් පමණ ගොස් බලේවෙල නම් ස්ථානයෙන් වමට හැරී එතැන් සිට පා ගමනින් කිලෝමීටර්
තුන හමාරක පමණ දුරක් ඉතා දුෂ්කර මාර්ගයක ගිය
විට අතිශය සුන්දර එහෙත් පොදු පහසුකම් හමුවේ හඩා
වැටෙමින් ජීවිතය ගෙවන අහින්සක මිනිසුන් ජිවත් වෙන මඩුගොල්ල ගම්මානය හමුවෙයි.බලේවෙල
හන්දියේ සිට කදු හෙල්,වන දුර්ග පසු කරමින් පැය හතරක පමණ පා ගමණකින් පසු මඩුගොල්ල
ගමට යාමට අපට හැකි විය. ගමේ පවුල් 80ක් පමණ ජීවත්වෙන අතර මේ අහින්සක මිනිස්සුන්ට
ගමට යාමට පාරක්,ගමණාගමන පහසුකමක් මෙන්ම තැපැල් පහසු කම්ද මේ වන තෙක් කිසිදු
රජයකින් ලබාදි නැත.
ගම්මානයට ප්‍රවේශ වීමට මාර්ගයක් තිබුණත් එය
විධිමත්ව සකස් කර නොතිබීමෙන් කිසිදු වාහනයකට තියා පයින්වත් ඒ මාර්ගයේ ගමන් කල
නොහැකිය. මේ හේතුවෙන් තවමත් ඒ ගම්මානයේ ප්‍රවාහන
කටයුතු සිදු කෙරෙන්නේ තවලම් පිටයි.මේ වන විට ගම්මානයේ තවලම් 25ක් පමණ ඇත.එක වරකට
තවලම් පිට බඩු ගෙනයාමට රුපියල් 150ක මුදලක් අය කරන අතර වරකට රැගෙන යන්නේ කිලෝ
45ක හො 50ක බර ප්‍රමාණයක් පමණි.තවලම් පිටද
බඩු ප්‍රවාහනය කිරීමට වත්කමක් නැති සමහර මිනිසුන් තම කර මතින්ම නිවෙස් කරා මේ
දුෂ්කර මාර්ගය ඔස්සේ බඩු බාහිරාදිය රැගෙන
එයි.එහි ගිය අපට දැණුන කාරණය නම් මෙතරම් සංවර්ධන කටයුතු සිදුකෙරෙන ,අහස උසට මාලිගා
තැනෙන යුගයක මේ අහිංසක මිනිසුන්ගේ ජීවන තත්වය නගා සිටුවීමට වගකිවයුතු කිසිවකුත්
කටයුතු කර නැති බවයි.
ගමට පහසුකම් ලබා දෙන බව පවසමින් විවිධ
දේශපාලඥයින්ගේ බොරු පොරොන්දු වලට රැවටුන මොවුන් අදටත් ගෙවන්නේ දුක්ඛිත ජිවිතයක්ය.
නිරන්තරයෙන්
අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්ණ සැහැල්ලුවට ගනිමින් කටයුතු කරණ දේශපාලඥයින් රොත්තක්ම
පසුගියදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී මේ ගමට පැමින පොරොන්දු රැසක් දි
ඔවුන්ගේ මුහුණත් තහඩු ගස් ගල් වල අලවා තිබෙන අයුරු එහි ගිය අපට අදටද දක්නට ලැබුණි.මැතිවරණ
කාලයකට හැරෙන්න මැති ඇමතිවරු කිසිවකුත් මේ ගම්මානයට නොපැමිණෙන බවයි ගම්වැසියන්
පවසන්නේ. තැපැල් පහසුකමක් නොමැතිව අසරණ වී ඇති මේ ගම්වැසියන්ට කලට වේලාවට ලිපි
නොලැබීමෙන් මහත් අසරණ තත්වයට පත්ව ඇත. මෙම ගම්මානයෙන් මුල් වරට විශ්ව විද්‍යාල ගිය
තරුණයාටද ඔහුට පැමිණි රැකියාව අහිමි වූයේද ගමට තැපැල් කරුවෙකු හෝ තැපැල් සේවාවක්
නොතිබුණ නිසාවෙනි.ඔහුට රැකියාවට යාමට සම්මුඛ පරීක්ෂණය සදහා පෙනි සිටින ලෙස දන්වා
එවු ලිපිය ඔහු අතට පත්වෙන්නේ සම්මුඛ පරීක්ෂණයද
අවසන්වි දින ගණනක් ගෙවුණ පසුවය.
ගමේ දරුවන් අකුරු කරන්නට සියඹලාගුණේ කණිෂ්ඨ විද්‍යාලයට කිලෝමිටර් 4කට
අධික දුරක් පා ගමනින් එන්නට සිදුවි තිබේ.පාගමනින් යාම ඒ හැටි දෙයක් නොවුනත් වන
දුර්ග පසුකරමින් මේ දුෂ්කර මාර්ගයේ ගමන්
කිරිම දරුවන්ට මහත් අභියෝගයකි.පාසල් දරුවන් නිසි වෙලාවට පාසලට පැමිණිමට අළුයම පහට
පමණ නිවසින් පිටත් විය යුතුය.එසේ පැමිණෙන දරුවන්ගේ ආරක්ෂාව පිළිබදවද අප අමුතුවෙන්
කිවයුතු නොවේ.නගර බද ජීවත්වෙන ළමුන් විදින සැප සම්පත් හමුවේ මඩුගොල්ල දරුවන් සිටින
තැන පුදුම තරම් දුක්ඛිතය.
හරිහමන් පාරක් තොටක් නොමැති විම නිසා වියපත්
වුවෝ බොහෝ දෙනෙක් රෝහල ක් කරා නොගොස් සිටින්නේ ගමන් දුෂ්කරතාවය හේතුවෙනි. යාමේ ඒමේ
අපහසු තාවයත් ඒ සදහා වාහනයක් හෝ ගෙන්වාගැනීමට ඇති නොහැකියාවත් නිසාය.බොහොවිට ගමේ
අයෙකු රෝගාතුරු වු විට මඩුගොල්ල ගමේ සිට කිලෝමීටර් තුන හමාරක පමණ දුරක් ගෙවා
බලවින්න හංදියට ලෙඩා රැගෙන එන්නේ පුටුවක වාඩි කරවා කිහිපදෙනෙකු විසින් ඔසවාගෙනය.
ඇතැම් අවස්ථාවල දැඩි අසීරැතා මැද පැමිණෙන නගරයේ ට්‍රැක්ටරයක් මේ ගම ආසන්නයට පැමිණෙන අතර ඒ එක් ගමන් වාරයක්
සදහා රැපියල් 3500ක අධික මුදලක් අයකරන බවත් ප්‍රදේශවාසීන් පවසති.
මේ ගමේ
ජීවත්වෙන බොහෝ පිරිසකගේ ප්‍රධාන කර්මාන්තය කිතුල් මැදීමයි.කිතුල් පැණි නිශ්පාදනය හැරුණු
විට කෙසෙල් ඇතුලු විවිධ භෝග වර්ග වගාකරයි.එසේ විවිධ වගාවන් සිදු කලත් නිසි කලට
වෙලාවට ඒවා පොළට ගෙනයාමට නොහැකි වීම නිසා මොවුන් දැඩි අපහසුතාවයකට පත්වෙයි.වරකට
තවලම් පිට ගෙන යන්නේ කිතුල් පැණි බෝතල් 10ත් 15ත් අතර ප්‍රමාණයක් පමණි.ඊට හේතුව
ලෙස ගැමියන් පවසන්නේ මාර්ග දුෂ්කරතාවය නිසා වැඩි බරක් යොදා ගෙනයා නොහැකි බවයි.
ගමේ
කිහිපදෙනෙකුම අපත් සමග කතා බහට එක් විය.වයස අවුරුදු 81ක් වන ආර්.ඩී.සයිමන් මහතා
අපත් සමග පැවසුවේ මෙවන් අදහසකි.
මට දැන්
ඇවිදින්න කියන්න බෑ.මේ ගෙට වෙලා හදලා දෙන දෙයක් කාලා ඉන්නවා.අසනීප වුනාම බෙහෙත්
ටිකක්වත් ගන්න යන්න විදියක් නෑ.අපිට මේ පාරවත් හදලා දුන්න නම් මොකක්හරි වාහනයක්
ගෙන්නගෙන රෝහලකට යන්න තිබුණා.නමුත් මේ පාරේ නම් වාහනයක් තියා පයින්වත් යන්න
බෑ.ලෙඩක් දුකක් වුණාම අහල පහල අය ඇවිත් පුටුවක තියලා වාඩි කරවගෙන උස්සගෙන යනවා.ගමේ
දැන් තරුණ පිරිසත් ගොඩක් අඩුයි.ඒ අය කොළඔ රටට ගිහින් රස්සා හොයාගෙන මේ ගම් වලට
එන්නේ නැහැ.අපිට යන්න එන්න වෙන තැනැක් නැහැ.දැන් කොහොමත් එකයි.මැරෙනකම් මේ වහල යටට
වෙලා ඉන්නවා යැයි ඔහු පැවසුවේ අපේ නෙතටද කදුලක් එක් කරමිණි.
මඩුගොල්ල ගමේ
පදිංචි ආර්.ඩී.ගුණපාල (43) මහතා අපත් සමග මෙසේ කීය.
කොස්,පොල්,දෙල්,පුවක්,කෙසෙල්,කොකෝවා
මේ ගමේ අපිට හැම භෝගයක්ම තියෙනවා.නමුත් ගොඩක් භෝග ඒ ඒ ගස් යටම වැටිලා කුණු වෙලා
යනවා විකුණ ගන්න පාරට ගෙනියන්න විදියක් නැතිව.යන්න පුලුවන් පාරක් නැතිව අද අපි
අසරණ වෙලා ඉන්නේ.පාසලට ලමයෙක් එක්කයන්නේ පාන්දර පහට. හරියට පාරක් තිබුණ නම් මේ
තරම් දුකක් නෑ අපිට.
ඉතා දුෂ්කර
මාර්ගයක් ඔස්සේ ගිය අපට අතර මැද ස්ථානයකදි කැඩි වැටීගිය අම්බලමක් දැක ගත
හැකිවිය.රජකාලේ ඉදලා සියඹලාගුණේ සිට නමුණුකුළ දක්වා මේ වන දුර්ගය ඔස්සේ කිලෝමීටර් 22ක දුරක් පිරිස ගමන් කර තිබෙන්නේ මේ ගම්මානය හරහාය.ඒ යන
එන පිරිස් රාත්‍රියේ මේ අම්බලමේ නැවතී ගමන් තෙහෙට්ටුව නිවාගෙන ඇති බවයි ගැමියන්
පැවසුවේ.මේ ගමට ඉස්සරවෙලාම පැමිණ ඇත්තේ පවුල් 07ක් පමණක් බවයි ගැමියන් පැවසුවේ.පසුව
ටිකෙන් ටික මේ ප්‍රදේශය ගමක් බවට පත්වි තිබේ.විශේෂත්වය නම් අද වන විට මේ ගමේ සිටින
කාන්තාවන් හා පිරිමින් සියළුම දෙනා ඥාතීන් වීමයි. විවාහයන් සිදුවි ඇත්තේ එකම
පිරිස් අතරය.මේ නිසා ගමට ගිහින් නම අහන සෑම අයෙකුගේම වාසගම වන්නේ ආර්.ඩී. ය.මේ
කෙසේ වෙතත් ගමේ ජීවත්වෙන මේ අහින්සක මින්සුන් හැබෑවටම සුන්දර අව්‍යාජ මිනිසුන් බව
නම් කියවයුතුය.මේ ගමේ මිනිසුන්ගේ එකම ඉල්ලිම වන්නේ යාන වාහන සැප සම්පත් නොවේ.යන්න
එන්න පුළුවන් මාර්ගයක් හා තැපැල් පහසු කම පමණි.වගකිවයුතු බළධාරීන්ට මෙය වත්
ඉටුකිරීමට නොහැකිවිම පුදුමයට කරුණකි.
Tuesday, September 27, 2016
රිය අනතුරු
රටට අහිමි කල ජීවිත ගණන
අවුරුදු සමයේ ඉහළ අගයක.
(සටහන - සුරියවැව නුවන් ජයසේකර)
පසුගිය වසරවල අවුරුදු සමයට සාපේක්ෂව ගත්
විට මේ වසරේ අලුත් අවුරුදු දින කිහිපයේදි සිදු වු මාරක රිය අනතුරු ප්‍රමාණය 17%
කින් ඉහළ ගොස් තිබේ.ඒ අනුව නැවතත් අපට ආපසු අවුරුදු දින කිහිපය කෙසේ
ගෙවුනේද යන්න පිළිබදව ආපසු හැරී බැළිය යුතුව තිබේ.ඒ සිදුව ඇති මාරක රිය අනතුරු
නිසාය.මාරක රිය අනතුරු 50කින් පුද්ගලයින් 53 දෙනෙක් එතනම මළහ.බරපතළ තුවාල වු සංඛ්‍යාවද
සැළකියයුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව අසතුටෙන් වුවත් සදහන් කලයුතුමය.
වසරක් පුරා
කරගෙන ආ සියළු කටයුතු එකට අත්හිටවා නැවත එකට එකම මොහොතක ඇරඹීමේ අරමුණ මිනිස් ජිවිත
තුළට මනා සංයමය මුසු කිරිමක් බවයි පැරැන්නන් පවසන්නේ. අලුත් අවුරුද්දේ අරුත
නම් එයය. අලුත් අවුරුද්දේ අරුත එය වුවත් සංයමය පුරුදු කල නොහැකි වු රියදුරන් නිසා
සහ අවුරුද්දත් අලුත් පැටන් එකට ගෙවිමට පුරුදු වු බොහෝ පිරිසක් රිය පැදවිමේදිද
සංයමය කියන කාරණය පසකට දමා ගිණි වතුර බෝතලයටම යටවි ඇති බව නම් සැබෑය.එහි ප්‍රථිපලය
නම් ගෘහස්ථ අනතුරු ප්‍රමාණය අවම වී සිදු
වී ඇති රිය අනතුරු ප්‍රමාණය මේ අලුත්
අවුරුද්දේ 17% කින් ඉහළ ගොස් තිබිමයි. අනතුරු වලින් දින 10ක් තරම් කාලය තුළ 53
දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් බරපතළ තුවාල ලැබිම් මෙන්ම සදාකාලික අබ්බඝාතයන්
වු පිරිසද ඉහළ ගොස් තිබීමයි.
අප්‍රේල් 10 –
17 අතර කාලය තුළ රිය අනතුරු නිසා රෝහල් ගතවී ඇති පිරිස 17% කින් වැඩි වි ඇති
බවත්,මේ කාලය තුළ සිදුවු මාරක රිය අනතුරු 50 කින් පුද්ගලයින් 53 දෙනෙකු මරණයට
පත්වි ඇති බවත් කොළඹ ජාතික රෝහලේ හෙදියන් පුහුණු කිරීමේ නිළධාරිණි පුෂ්පා රම්‍යානි
මෙනවිය පැවසුවාය.කොළඹ ජාතික රෝහලට පමණක් රිය අනතුරු නිසාවෙන් පුද්ගලයින් 226
දෙනෙකු ඇතුලත් කර තිබෙන බවත්,පසුගිය වසරවලට සාපේක්ෂව විවිධ අනතුරු නිසා රෝහලට
ඇතුලත් වු රෝගින්ගේ ප්‍රමාණය 08% කින් අඩුවක් දක්නට ඇති බවත් මෙන්ම නොවාසික ප්‍රථිකාර
ලබන පිරිසෙහිද 01% අඩුවක් දක්නට ඇති මුත් පෙර වසර වලට සාපේක්ෂව සිදුව ඇති රිය
අනතුරු ප්‍රමාණය 17% කින් ඉහළ ගොස් ඇති බවයි ඇය පැවසුවේ.
ගාල්ල
කරාපිටිය ශික්ෂණ රෝහලටද විවිධ අනතුරු නිසා තුවාල කරුවන් 268 දෙනෙකු ඇතුලත් කර ඇති
අතර ඉන් දෙදෙනෙකු මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය
ෂෙල්ටන් පෙරේරා මහතා පැවසිය.ඉකුත් 12 වන දින සිට 16 වන දින වු කාලය තුළදි මෙම අනතුරු ප්‍රමාණය සිදු වි
ඇති අතර ඉන් පුද්ගලයින් 121 දෙනෙකුම මාර්ග අනතුරු හේතුවෙන් රෝහලට ඇතුලත් වුවන්
බවයි ඒ මහතා පැවසුවේ.අනතුරු වැඩි ප්‍රමානයක් සිදු වි ඇත්තේ බිමත් රියදුරන් නිසා
බවත්,අනතුරු වලින් වැඩි ප්‍රමාණය යතුරු පැදි කරුවන් බවත් පැවසිය.පෙර වසරවලට
සාපේක්ෂව මේ වසරේ දකුණේ සිදු වි ඇති රිය අනතුරු ප්‍රමාණයේ ඉහළ වැඩි විමක් දකින්ට
තිබෙන බවයි දකුණේ පොලිස් ප්‍රකාශකයෙකු පැවසුවේ.බොහොමයකක් අනතුරු සිදු වි ඇත්තේ
බීමත් කම නිසාවෙන් හා අධික වේගය නිසා බවයි ඔහු පැවසුවේ.
මීට දශක
කීපයකට පෙර මේ මහා සංස්කෘතික මංගල්‍යය ජනයා සැමරුවේ බොහොම භක්තියෙන් හා ගෞරව සම්ප්‍රයුක්තව
වුවත් වර්ථමානය වන විට කෙමෙන් කෙමෙන් පරිහානියට ලක්ව ඇත්තේ අවුරුද්දද වෙළද ග්‍රහනයට
නතු වි තිබිම නිසා බවයි බොහෝ වැඩිහිටි දෙනා පැවසුවේ. එදා අවුරුදු දා තිබු සතුට
වර්ථමානය වන විට විශාල පරිවර්තනයකට ලක් වි තිබේ.වෙනදා ගෙදරට එන ඥාති පිරිස් වෙත
කහට කෝප්පයකින් සංග්‍රහ කල අපි අද ගෙදරට එන පිරිස් වෙත ආරාධනා කරන්නේ අඩියක්
ගහන්නටය.වෙනදා ගෙදරකට ගොස් කැවුම් ගෙඩියක් කා කහට කෝප්පයක් බී ආ සතුට අද වන විට
අහිමි වි ඇත්තේ අලුත් අවුරුද්දද මත් රකුසා බිලි අරගෙන ඇති නිසාවෙනි.මත් වතුර නිසා
සිදුව ඇති සමාජ පරිහානිය සේම දිනපතා සිදුවෙන රිය අනතුරු සංඛ්‍යාවද කිසිදු අයුරකින්
සුළු කොට තැකිය නොහැකිය.මෙනිසා අවුරුදු සැමරිම වෙනුවෙන් වසරකට වරක් විතරක් යැයි
කියා කරටි කැඩෙන්නට ගිණි වතුර බී වැඩ පෙන්වන්නට රිය පදවන රියදුරන් පිළිබදව
නම් පවතින නීති රිතිද තව තවත් දැඩි කලයුතු
බවයි බහුතරයකගේ මතය වුයේ.
අලුත්
අවුරුද්ද එළඹීමට පෙරාතුවම පොලිසිය බිමත් රියදුරන්ට රතු එළියක් ලබා දුන් නමුත් සිතූ තරමේ අනතුරු ප්‍රමාණය අවම
කර ගැනිමට නොහැකි වි තිබෙන්නේ සතර දෙසින් වාර්තා වු රිය අනතුරු නිසාය.
අප මේ පිළිබදව
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිතීඥ රුවන් ගුණසේකර මහතාගෙන්ද විමසිමක් කලෙමු.
විශේෂයෙන්ම මේ
අවුරුදු සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිම සදහා රට පුරා පොලිස් ස්ථාන වල
විශේෂ වැටලීම් හා මෙහෙයුම් රැසක් සාර්ථකව
ක්‍රියාත්මක කලා.දින 10 තුළදි පමණක් බිමත් රියදුරන් 1862 ක් අත්අඩංගුවට ගෙන ඔවුන්
අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කරලා තියෙනවා.ඉන් වැඩිම පිරිසක් වුයේ යතුරු
පැදි කරවන් වන අතර එය 1014කි.දෙවැනියට වැඩිම බිමත් රිය දුරන් ලෙස අත් අඩංගුවට පත්ව
ඇත්තේ ත්‍රිරෝද රථ රියදුරන්ය.එය 583 දෙනෙකි. තෙවැනියට වැඩිම බිමත් රියදුරනඅත්අඩංගුවට පත්ව
ඇත්තේ මොටර් රථ රියදුරන්ය.එය 87 දෙනෙකි.අත් අඩංගුවට පත් සියළුම බිමත් රියදුරන් පොලිස්
ඇප මත මුදා හැරුණු අතර 18 දිනයේ සිට ඔවුන් අධිකරණ වෙත ඉදිරිපත් කිරිමට පියවර ගත්
බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසුවේ.අවුරුදු සමයේ පමණක් නොව දිනෙන් දින
සිදුවෙන මෙම රිය අනතුරු බොහොමයක් බීමත් රියදුරන් නිසා සහ අපරික්ෂාකාරී රිය ධාවනය
නිසා සිදු වු ඒවා බවයි වැඩිදුරටත් පැවසුවේ.තව දුරටත් බිමත් රියදුරන් සොයා විශේෂ
මෙහෙයම් දියත් කිරිමට කටයුතු කරන බවත් අත්අඩංගුවට ගන්නා සියළු බිමත් රියදුරන්
අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට කටයුතු කරණ බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසිය.
අලුත්
අවුරුද්දේ නොසැළකිල්ල නිසා සිදු වු බරපතළ
රිය අනතුරු ප්‍රමාණය වෙනදට සාපේක්ෂව වැඩි වීය.අනතුරු නිසා මිය ගිය පිරිස අතර කුඩා දරුවන් සේම වැඩිහිටියෝද
බොහොමයකි.පසුගිය 17 වන දින අවුරුදු නෑගම් ගොස් නැවත නිවෙස බලා එමින් සිටි ත්‍රිරෝද
රථයක් අගුරුවාතොට මදුරාවල පාසල අසලදි ලොරි රථයක ගැටීමෙන් වයස අවුරුදු එක හමාරක හා
මාස හතරක කුඩා සිගිති දරුවන් දෙදෙනෙකු එම ස්ථානයේදිම මිය ගිය අතර 27 හැවිරිදි එක්
දරු මවක්ද රෝහල් ගත කිරිමෙන් පසු මියගියේය.අනතුරින් තවත් හතර දෙනෙකු බරපතළ තුවාල
ලැබිය.අනතුරින් මියගිය පිරිස පිළියන්දල සුවාරපොල හා උතුරු මාම්පේ පදිංචි කරුවන්ය.
අනතුරක් සිදු
විමට ගත වෙන්නේ නිමේෂයක් තරම් කාලයක් පමණි.ඊට පක්ෂ පාට බේද හෝ ජාති කුළ මළ ආගම්
බේදද නැත.අධික වේගයෙන් රිය ධාවනය කිරිම හේතුවෙන් පසුගිය 12 වන දින කුරුණෑගල
පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත මහතා
හා බිරිද ගමන් ගත් වාහනය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදි ප්‍රතිවිරුද්ධ දෙසින්
ආ මෝටර් රථයක ගැටිමෙන් පෙරළී ගියේය.අනතුර සිදු වුයේ කුරුණෑගල වාරියපොල මාර්ගයේ
යන්තම්පලාව ප්‍රදේශයේදීය.අනතුරින් මන්ත්‍රිවරයා,ඔහුගේ බිරිද ඇතුළු තවත් 09 දෙනෙකු
බරපතල තුවාල ලබා රෝහල් ගත කල බවයි කුරුණෑගල පොලිසිය වාර්තා කලේ.
පසුගිය 10
වෙනි දින රාත්‍රියේද නුවරඑළියේ සිට හැටන් හරහා අළුත්ගම දක්වා එළවලු ප්‍රවාහනය කරමින්
සිටි ලොරි රථයක් නානුඔය මාර්ගයේදී අඩි 70ක්
ප්‍රපාතයට පෙරළී යාමෙන් රියදුරු හා රිය සහායක බරපතළ තුවාල ලබා ලොරි රථයද
කුඩුපට්ටම් වි ගියේය. එවැනිම තවත් බරපතළ අනතුරක් පසුගිය දින සිදු වුයේ බණ්ඩාරවෙල
හපුතලේ පාරේ කහවෙල ප්‍රදේශයේදිය.මවත් සහ දරු දෙදෙනෙක් ගමන් ගත් මෝටර් රථයක් අනතුරට
පත් වු අතර අනතුරින් අවුරුදු නිවාඩුවට ගෙදර එමින් සිටි හෙද සිසුවියක වු දියණිය එම
ස්ථානයේදීම මියගිය අතර මව සහ මෝටර් රථය පදවාගෙන ගිය පුතාද බරපතළ තුවාල ලැබීය.
පසුගිය 18
දිනද එවැනිම මාරක රිය අනතුරක් වාර්තා වුයේ මන්නාරම තල්ලාඩි ප්‍රදේශයෙනි.රිය
අනතුරින් ලංකා පෙන්ත කොස්ත සභාවේ මන්නාරම දිසාව භාර 58 හැවිරිදි දාවිදු රාජා නැමති
පුජක වරයා එම ස්ථානයේදිම මරුමුවට පත් වු අතර වෑන් රථයේ ගමන් ගත් තවත් 09 දෙනෙකු
බරපතළ තුවාල ලැබීය.
අලුත් අවුරුදු
සමයේ අනතුරු අවම කර ගැනීම වෙනුවෙන් බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්
අම්පාර උහන මාර්ගයේදීද සිදු කල අතර පැය දෙකක් තරම් කාලයක් තුල බිමත් රියදුරන් 08
දෙනෙකු අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසිය.එහිදී අත්අඩංගුවට පත්
රියදුරන් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර රියදුරු බලපත්‍ර ඉදිරිපත් කල රියදුරන් 06
කු සදහා රුපියල් 36000 ක දඩයක්ද නියම කර ඇති අතර මාස 06ක කාලයක් සදහා රියදුරු
බලපත්‍රද අත්හිටවු බවයි පැවසුවේ.
මෙවැනි අනතුරු
රැසක් අවුරුදු සමයේ රට පුරා සිදු වුයේ රියදුරන්ගේ නොසැලකිල්ල නිසාවෙන් බව නම්
පැහැදිළිය.වාහන වාහන අතර සිදුවෙන අනතුරු වලට අමතරව ජංගම මුරසංචාරයේ යෙදුණු පොලිස්
කොස්තාපල් වරයෙකු පසුගිය 16 වෙනි දින යතුරු පැදිකරැවෙකු යට කරගෙන ගිය පුවතක්ද වාර්තා වුයේ රන්න නගරයෙනි.අනතුරින් යතුරු පැදි
කරුද තුවාල ලැබු අතර පොලිස් කොස්තාපල් වරයාද බරපතළ තුවාල ලැබිය.
“ඉක්මන්
කොටයි,වේගය මරු කරදවයි“ මේ සිංහල ජන වහරේ
එන රත්තරංන් වටිනා කියමන්ය.බොහෝ පිරිසක් මේ වදන් වාහන වල පොල්ගෙඩි අකුරින් සටහන්
කරගෙන සිටියත් ඒවා හුදෙක්ම ලස්සනට පමණක් යොදාගත් වචන බව තහවුරු වන්නේ වාහවයක් අරන්
පාරට බැස්ස විට හැටට හැටේ පාගන පෑගිල්ලටය.ඒ පෑගිල්ල කොතරම්ද යන්න නම් අන්තිමට එය
කෙලවර වන්නේ සදහටම ජීවන ගමනෙන් සමුගෙන සේම තවත් පිරිසක් රෝහල්වල ඇදන් මතට යවා සහ
සදා කල් අබ්බඝාතයන් බවට පත් කරමිණි.මෙනිසා දිනෙන් දින සිදුවෙන රිය අනතුරු නිසා රටට
අහිමි වන මිනිස් ජිවිත ගණන වැඩිවෙමින් පැවතීම නම් රටකට කිසිසේත්ම සුභදායක නොවනු
ඇත.
Sunday, September 25, 2016
හම්බන්තොට වන අලි කරදර උග්‍ර වුනේ ඇයි.වන ජිවි
නිළධාරියෙකුගේ හෙළිදරව්වක්.
(සටහන
හා සේයා රූ - සුරියවැව නුවන් ජයසේකර)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රෙද්ශයේ රැසකටම මේ
වන විට වන අලි කරදර උග්‍ර අතට හැරි තිබේ. දිගින් දිගටම වනඅලි තර්ජන ඉහළයාමට ප්‍රධාන
හේතුව වී ඇත්තේ දිස්ත්‍රික්කය තුල සිදුවන මහා පරිමාන කැලෑ හෙළිකිරීම බවයි වනජීවී
නිලධාරින් පවසන්නේ.
ගෙවුණු සති කිහිපයක කාලය තුල හම්බන්තොට දිස්ත්‍රික්කයේ
වැලිආර ,බඳගිරිය ,සමරකෝන් වැව ,කටුවැව ,කුඩාවැල් පොකුණ ,තම්මැන්නාව ,උත්පල ,වල්සපුගල ,අන්දරවැව ,ජූල්වැව ,ගොන්නොරුව,
කුඩාඉදිවැව, බෝගහඉදිවැව,14 කණුව,වැලිවැව,නමඩගස්වැව,කෝංකැටිආර,මදුනාගල ආදී ප්‍රදේශයන්ට
එල්ලවන වල් අලි තර්ජන සීඝ්‍රයෙන් ඉහල ගොස් තිබිණි.සතියක පමණ කාලයක තුලදී වල් අලි
පහරදීම නිසා ජීවිත හානි තුනක් ,බරපතල තුවාල ලැබීම් 08ක් හා දේපල හා වගා හානි විශාල
ප්‍රමාණයකුත් සිදුවි තිබේ.
වල් අලි ගම්වැදී දේපල හා වගා හානි සිදුකල
අවස්ථාවන්හිදී වන අලි පලවා හැරීමට එම ප්‍රදේශවලට යන වනජීවී නිලධාරීන්ට බොහෝ විට
මුහුණ දෙන්නට සිදුවන්නේ ගම් වැසියන්ගේ
දැඩි විරෝධතාවයන්ටය. වන අලි එළවිමට ගම් වලට යන වනජීවී නිළධාරීන්ට ගම් වාසීන් චෝදනා
කරන්නේ අලි ගම්වැදී දේපල හා වගා හානි සිදුකරන තෙක් වනජීවී නිලධාරීන් එම සතුන් පලවා
හැරීමට ක්ෂණිකව ක්‍රියාත්මක වී කටයුතු නොකරන බවටය.තවද ප්‍රදේශවාසීන් නිලධාරීන්ට
චෝදනා කරන්නේ වල් අලි තර්ජන නොතිබූ ප්‍රදේශ වලට අලි තර්ජන ඇතිවන ලෙස එම ප්‍රදේශවලට
වල් අලි එලවීමද වනජීවී නිලධාරීන් විසින්ම සිදු කරන ලද්දක් බවටද ජනතාව චෝදනා නගති.
කෙසේවෙතත් මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කය
පුරාවටම මෙම වන අලි තර්ජනය විශාල ලෙස පැතිරී ගොස් තිබේ.ප්‍රදේශවාසීන් විසින්
වනජීවී නිලධාරීන් හට එල්ල කරන මෙම චෝදනාවන් පිළිබඳව අප හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනජීවී කාර්යාල වල නිලධාරීන් පිරිසකගෙන් කල විමසීමකදී ඔවුහු මෙලෙස
පැවසූහ.
හම්බන්තොට දිස්ත්‍රික්කයට විශාල වශයෙන් මේ වෙනකොට
වල් අලි තර්ජන එල්ලවෙලා තියෙනවා.ඒක අපිත් පිලිගන්නවා.එත් අපි නිසා අලි තර්ජනය වැඩි
උනා කියන එක පිළිගන්න බෑ.මේ හැමදේකටම මුල් වෙලා තියෙන්නේ අක්‍රමවත් සංවර්ධනය මුල්
කරගෙන මේ දිස්ත්‍රික්කයේ කරන මේ මහා කැලෑ විනාශය.වල් අලින්ට ඉන්න තියෙනා භූමියෙන් භාගයක්ම
පවතින හා පැවතී ආණ්ඩුවලින් සංවර්ධන ව්‍යාපෘති වලට විනාශ කළා.ඉතුරු ටික මිනිස්සු
අල්ලාගෙන හේන් ගොවිතැන් කරනවා.අද උන්ට ඉන්න තැනක් නෑ.කන්න බොන්න නෑ.ටිකක් හිතන්න
අපේ මිනිස්සු තමන්ගේ ඉඩම වෙන්වෙලා තියෙන වැට අගලක් හෝ එහාට මෙහාට කරලා ගැහුවොත්
මොකද වෙන්නේ. සහෝදර සහෝදරියෝ නම් සහෝදරකමුත් නැතිකරගෙන මිනී මරාගන්නවා නැති නම්
පොලීසි ගානේ යනවා.ඒ තමන්ගේ අයිතිය වෙනුවෙන්.ඉතින් මේ තිරිසන් සතුන් උන්ගේ වාසභූමි
සම්පූර්ණයෙන්ම අහිමි උනාම මේ විදියට
හැසිරීම අමුතු දෙයක් නෙමෙයි.
දැන් සූරියවැව ඉදලා කතරගම දක්වා හැදෙන හයිවේ එකට
මහා විශාල ප්‍රමාණයක් කැලෑව හෙළි පෙහෙළි කරලා .මේ සතුන්ට ඉතිරිවෙලා තිබුනේ ඔය ටික
විතරයි.අනිත් ටිකත් මිනිස්සු අල්ලාගෙන වැටවල් ගහගෙන සමහරුන්ට මහා කැලෑවටත්
සින්නක්කර ඔප්පු තියෙනවා.අපි දන්නේ නෑ කවද කොහොම ගත්ත ඉඩම්ද කියලා.මොකද මේ හැම
දෙකින්ම වනජීවී නිලධාරියාත් මේ අසරණ සත්තුත් තමයි අසරණ වෙලා තියෙන්නේ.අලි ගම
වැදුනම අපිට චෝදනා කරනවා අල්ලපු ගමටයි අපි අලි එලවන්නේ කියලා.අපි අලි කොහාටවත්
එලවන්නේ නෑ ඒ ප්‍රදේශයෙන් පලවා හරින එක විතරයි කරන්නේ.මොකද මේ හම්බන්තොට අලින්ට
වෙන් කරපු භූමියක් නෑ.
හම්බන්තොට තියෙනවා යෝජිත අලි කලානාකරන රක්ෂිතයක්
නමුත් මේක මේ වෙනතෙක් වනජීවී දෙපාර්තුමේන්තුවට පවරලා නෑ.ඉතින් මේකේ තමයි මේ
හම්බන්තොට මිනිස්සු දර කපන්න යන්නේ හා මහා පරිමාණයෙන් ට්‍රැක්ටර් රථ යොදාගෙන දවසකට
ට්‍රැක්ටර් 6 ,7ක්ම දර ගෙනියන්නේත්.තවත් කොටසක් රක්ෂිතයේ තියෙන ඇළ දොළ සුද්දකරලා
අනවසරයෙන් වැලි ගොඩ දානවා. ඒ තම්මැන්නාව හා කඩවර යන ප්‍රදේශවල.තවත් පිරිසක් ඒක
ඇතුලේ හරක් ගාල් දමලා තියෙනවා.මාළු අල්ලන්නේ ,දඩයම් කරන්න යන්නේ,හැමදේකටම යන්නේ මේ
භූමියට .ඉතින් මේ භූමිය නමට තිබ්බට අපිට මේකට අලි එලවන්න බෑ.ඒ ගැන මේ කිසිම
බලධාරියෙකුවත් හිතලවත් නෑ.එහෙම තිබුනා නම් සමහරවිට මේ අපි කරන දෙයට වැරදි කීම
සාධාරණයි .එහෙම උනා නම් අපි අලි ඒ භූමියට එළවලා වට කරලා විදුලි වැටකින් ආවරණය
කරන්න තිබ්බා.
අද මිනිස්සු තමන් ගැන විතරයි හිතන්නේ හැමදේම
ඔවුන්මයි කරන්නේ .පස්සේ ඒවායේ අයහපත් ප්‍රතිපල ලැබෙනකොට වෙනත් පාර්ශ්වයකට චෝදනා
කරනවා.වනජීවී දෙපාර්තුමේන්තුවට මිනිස්සු වගේම සත්තුත් වටිනා වස්තුවක්. එය රැකගැනීම
තමයි අපේ මූලිකම අරමුණ.
තවත් පිරිස් අපිට චෝදනා කරනවා අපි කාර්යක්ෂම නෑ
කියල. අලි ගටම වැදුනම දැනුම් දුන්න ඉක්මනින් එන්නේ නෑ කියලා.අපි දන්නේ නෑ මේවා
මිනිස්සුන්ට කොහොම තේරුම් කරන්නද කියලා.එත් මිනිස්සු දැනගන්න ඕන වනජීවී නිලධාරියා
කියන්නෙත් ඒ අය වගේම මිනිස්සු කියලා.අලි අපිටත් ගහනවා.අපිත් මැරෙනවා.එත් එක පැත්තකට
දමලා අලි එලවන්න ගියාම ඒ මිනිස්සු හැසිරෙන්නේ හරියට තිරිසන් සතුන්ටත් අන්ත විදියට
.අපේ දරු පවුල් පවා මතක් කර කර ජරා විදියට අපිට බනිනවා.අපේ ජීවිතත් අවදානමේ දාගෙන
මේ මිනිස්සු රැකගන්න අපි කරන රාජකාරිය කවදාවත් අගයන්න මිනිස්සු පුරුදුවෙලා
නෑ.අහිංසක අපේ දරු පැටවූ පවා මේ නිසා බැනුම් අහනවා.මේ රාජකාරියෙන් බොහෝ නිලධාරීන්
කලකිරිලයි මේ වෙනකොට ඉන්නේ.
අපේ රටේ මිනිස්සු හරි පුදුමයි.රාජකාරිය කරන
මිනිස්සු හැමදාම බැනුම් අහනවා.ඒ පීඩාකාරී තත්වයට මිනිස්සු පත් කරපු මිනිස්සුන්ව
මල්මාලා දාලා පිලිගන්නවා.නමුත් ඒ මිනිස්සු මේ ගැන නිකන්වත් හොයලා බලන්නේ නෑ.දැනට
දවසකට අපේ කාර්යාලවලට අලි ගම වැදිලා කියලා දුරකටන ඇමතුම් 10ක් 20ක් විතර එනවා.නමුත්
ඒ හැම තැනටම යන්න අපිට නිලධාරීන් නෑ.ඉන්න නිලධාරීන්ගේනුත් පළපුරුදු නිලධාරීන් ටික
දෙනයි ඉන්නේ.පළපුරුද්ද නැතුව අලි එලවන්න බෑ.මිනිස්සු කෝලකර ගමන් යන්න තරම් ප්‍රවාහන
ක්‍රමයක් අපිට නෑ.තියෙන්නේ වාහන එකක් දෙකක් විතරයි.නමුත් අපි අපේ ජීවිත ගැන නොහිතා
මේ හැම ප්‍රදේශයකටම යනවා.ඒ යන්නේ දේපල විනාශ උනත් ජීවිත හරි රැකගන්න අරමුණින්.මේ
හැමෝගෙම ජීවිත අපිට වටිනවා.ඉතින් වනජීවී නිලධාරියා දෝෂාරෝපණයට ලක්වීම අමුතු දෙයක්
නෙමෙයි.
අපිට කියන්න තියෙන්නේ අපේ රටේ මිනිස්සු හැමදාම
කුණු ගෙට අරගෙන හොද දේවල් එලියට දාන පිරිසක් .අපේ රටේ මේ තත්වය අමුතු දෙයක්
නෙමෙයි.මිනිස්සු ආත්මාර්ථකාමී උනහම අනිත් මිනිස්සු ගැන පේන්නේ නෑ,ඇයි මේ
නිලධාරීන්ට රාජකාරී කරන්න අපහසුවෙලා තියෙන්නේ කියලා හොයලා බැලුවනම් වනජීවී
නිලධාරීන්ට අද මේ විදියට දොස් කියන පිරිස් හෙට හොද කියාවි.
කුඩාඉදිවැව වැවේ දසුනක් |
Subscribe to:
Posts (Atom)